බොරතෙල් බැරලය ඩොලර් 120 පනී

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 120 සීමාව ඉක්මවා ඊයේ (06 දා) වාර්තා විය. බෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 120.5 ක් සහ ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 119.6 ක් ලෙසත් ඉහළ ගොස් තිබුණා. මෙලෙස ඉහල ගියහොත් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව තෙල් සංස්ථා නිලධාරීහු මේ අතර කියා සිටිති.