බේරුවල දී පිරිසක් පොලිසිය සමඟ ගැටේ – පොලිසියෙන් අහසට වෙඩි

බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඊයේ (09) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එහිදී පිරිස පාලනය කිරීමට පොලිස් නිලධාරීන් අහසට වෙඩිතබා ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී පොලිසියට පහර දුන් බවට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බේරුවල වරාය ආසන්නයේ පිරිසක් ලොරි රථයක නැගී බෞද්ධ කොඩි එල්ලමින් සිට ඇති අතර, එහිදී මාර්ගය අවහිර නොකරන ලෙසට පොලිසිය උපදෙස් දී තිබෙනවා.

එහිදී දෙපාර්ශ්වය අතර කතාබහක් සිදුව ඇති අතර, එය දුරදිග යාමෙන් පසු අදාළ පිරිස පොලිසියට පහරදී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී පිරිස පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

මෙහිදී පිරිස විසින් සිදුකළ පහරදීමෙන් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?