බේරුවල දී පිරිසක් පොලිසිය සමඟ ගැටේ – පොලිසියෙන් අහසට වෙඩි

බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඊයේ (09) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එහිදී පිරිස පාලනය කිරීමට පොලිස් නිලධාරීන් අහසට වෙඩිතබා ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී පොලිසියට පහර දුන් බවට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බේරුවල වරාය ආසන්නයේ පිරිසක් ලොරි රථයක නැගී බෞද්ධ කොඩි එල්ලමින් සිට ඇති අතර, එහිදී මාර්ගය අවහිර නොකරන ලෙසට පොලිසිය උපදෙස් දී තිබෙනවා.

එහිදී දෙපාර්ශ්වය අතර කතාබහක් සිදුව ඇති අතර, එය දුරදිග යාමෙන් පසු අදාළ පිරිස පොලිසියට පහරදී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී පිරිස පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

මෙහිදී පිරිස විසින් සිදුකළ පහරදීමෙන් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17