AFC Banner
AFC Banner
Empty Ad

බෙංගාල බොක්කේ කැලඹීම ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනය

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඉදිරි පැය 24ක කාලය තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ දී තමිල්නාඩු වෙරළ වෙත ළඟාවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.

එමෙන්ම උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් නිවේදනයේ දැක්වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
9
+1
9
+1
6
+1
9
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?