බූරු මූණා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අවසර ලැබී තිබෙනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේදී ඊයේ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේ අවිස්සාවේල්ල පොලිසිය විසින්.

මෙම සැකකරු මනුෂ්‍ය ඝාතන 10කට අධික සංඛ්‍යාවකට චෝදනා ලබා සිටින පුද්ගලයෙක්.

හංවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැළකට ඇතුළුවී එහි සිටි ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙක් වනවා.

සැකකරු පොලිසිය මඟහැර සැඟව සිට පසුව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් රටින් පළායාමට උත්සාහ කිරීමේදී පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් වුණා.

ස්වාමීන් වහන්සේලා දෙනමකගේ සහයෙන් ඉතා සූක්ෂම ලෙස ඔහු ගුවන්තොටුපොළ පොලිසියෙන් පළායාමට සමත් වූ අතර නැවත පොලිසිය මඟහරිමින් සැඟවී සිටියදී යි ඊයේ අත්අඩංගුවට පත් වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?