බූරු මූණාට විදෙස් ගමන් තහනමක්

කටුනායක ගුවන් ගුවන්තොටුපල පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය මනුෂ්‍ය ඝාතන රැසක වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියා කළ බූරු මූණා නැමැත්තාට හා තවත් සැකකරුවෙකුට එරෙහිව විදේශ ගමන් තහනමක් අවිස්සාවේල්ල අධිකරණයෙන් ලබාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

කලුමිනී රවිඳු සංඛ ද සිල්වා යන නිත්‍ය නමින් විදේශ ගත වීමට උත්සහ දරන බවට විමර්ශන සිදුකරන බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසයට ලද තොරතුරු අනුවයි වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම නියෝග ලබාගෙන ඇත්තේ.

පසුගිය වසරේ ඉකුත් දෙසැම්බර් 18 වැනි දින හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලාවක හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බූරු මූණා නැමැත්තාට චෝදනා එල්ල වී තිබෙනවා.

සැකකරු කංකානම්ලාගේ රවිඳු වර්ණ රංග යන ව්‍යාජ නමකින් විදේශ ගතවීමට උත්සාහ දරන බවට ජනවාරි තුන් වෙනි දින අවිස්සාවේල්ල අධිකරණයට කරුණු වාර්තාකර ලබාගත් තහනම් නියෝගයක් අනුව ආගමන විගමන නිලධාරීන් විසින් සැකකරු පසුගිය පෙබරවාරි මස 24 වැනි දින ඩුබායි රාජ්‍යයට යාම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපල පොලිසිය වෙත භාරදී තිබුණා.

එහිදීයි හිමිවරුන් දෙදෙනෙකු පැමිණ ඉතා සූක්ෂම ලෙස සැකකරු ඉන් බේරාගෙන ගොස් තිබුණේ.

හංවැල්ල ආපන ශාලා හිමිකරුට වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය රැගෙන ගිය බව කියන සැකකරු ලෙස විමර්ශනවලදී හඳුනාගත් බුලත්සිංහල සහ අතුරුගිරිය මුල්ලේගම පදිංචි වෙත්තසිංහගේ දොන් කසුන් ලක්ෂිත නම් තැනැත්තාට ද එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගත් බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?