spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බීමතින් එළවූ කැබ් රථය යතුරු පැදියක් යටකර ගිහින්

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව බීමත්ව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කැබ් රථයක් ධාවනය කර යතුරු පැදියක හප්පා යතුරු පැදියේ ගමන් කළ දෙදෙනාට බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඉකුත් 30 වෙනිදා සිට රිමාන්ඩ් භාරයේ පසු වූ එම කැබ් රථයේ රියැදුරුව රුපියල් දෙලක්ෂ පනස්දහසක ශරීර ඇපයක් මත සහ රුපියල් 2500 ක මුදල් ඇපයක් මත මුදා හරින ලෙසට මිනුවන්ගොඩ දිසා විනිසුරු හේශාන්ත ද මෙල් ඊයේ (18) වෙනිදා නියම කලේය .

කැබ් රථයේ රියදුරු වලස්මුල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක්ය

එම අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන යතුරු පැදියේ ගමන් කළ දෙදෙනාගෙන් එක් අයෙකුට රුපියල් 25000 ක් බැගින් සානුකම්පිත දීමනාවක් ලබාදීමට ඇප නියම වු රියදුරුගේ පාර්ශවය විසින් විවෘත අධිකරණයේදී සිදු කරනු ලැබීය.

එම අනතුර ගුවන්තොටුපල මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ආඩි අම්බලම ප්‍රදේශයේ දී ඉකුත් 30 වෙනිදා සිදුව තිබූ බවට අධිකරණයේ දී සඳහන් විය .

අනතුර සිදු කළ කැබ් රථය අධිවේගී මාර්ගයට සම්බන්ධ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කැබ් රථයක් බව පොලිසිය අධිකරණය හමුවේ පවසා තිබෙනවා

කැබ් රථයේ ගමන් කළ ප්‍රධානියා ඇතුළු පිරිස ද බීමතින් සිටි බවට අනාවරණය වී ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය. .

අනතුර සිදු කළ කැබ් රථ රියදුරු ගේ රියදුරු බලපත්‍රයේ වලංගු කාලය අවසන්ව ඇති බවත් වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකුට රජයේ වාහනයක් ධාවනය කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව පැමිණිල්ල මෙහෙයවමින් කටුනායක පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරයා අධිකරණය හමුවේ පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?