spot_imgspot_img
spot_img

බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 535ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, මීගමුව, පෝරුතොට මුහුදු ප්‍රදේශයේ ඊයේ (18) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ තොගය සොයා ගැනුණේ.

එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සල් 18ක් නිරීක්ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේ දී මෙම බීඩි කොළ කිලෝ තොගය නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැ‍ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ ‍තොගය මුහුදේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, ඒවා ඉදිරි නිතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?