බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 535ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, මීගමුව, පෝරුතොට මුහුදු ප්‍රදේශයේ ඊයේ (18) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ තොගය සොයා ගැනුණේ.

එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සල් 18ක් නිරීක්ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේ දී මෙම බීඩි කොළ කිලෝ තොගය නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැ‍ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ ‍තොගය මුහුදේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, ඒවා ඉදිරි නිතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54