බිරිඳ සැමියාගේ ගෙළ කපා ඝාතනය කරලා

අඹුසැමියන් අතර ඇති වූ බහින්බස්වීමක දී බිරිඳ විසින් සැමියාගේ ගෙළ කපා ඝාතනය කර ඇති බව කරණ්දෙනිය පොලිසිය පවසනවා.

කරණ්දෙනිය පොලිස් වසමේ ගුරුබැබිල ප්‍රදේශයේ දී අද (03) අලුයම් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසු වූ නුවන් කුමාර නැමැති දෙදරු පියෙක්.

බිරිඳ විසින් සැමියාට කැත්තකින් ගෙළ ප්‍රදේශයට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, කැති ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා නිවසින් පිටතට පැමිණ නිවස ආසන්නයේ වැටී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරදීමට යොදාගත් කැත්ත සමඟ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අඹුසැමි යුවළ අතර නිරන්තරයෙන් සිදුවන ආරවුල් සම්බන්ධව අවස්ථා කිහිපයක දී කරණ්දෙනිය පොලිසිය වෙත පැමිණිලි ද ලැබී තිබූ බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
2
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23