බිරිඳගේ ගෙළ කපා ඝාතනය කළ සැමියා සියදිවි නසාගෙන (වීඩියෝ)

පවුල් ආරවුලක් මත සැමියා විසින් බිරිඳගේ ගෙළ කපා ඝාතනය කළ පුවතක් පූගොඩ, මණ්ඩාවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (23) රාත්‍රියේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ සොයාබැලීමේ දී සැමියා විසින් සිය බිරිඳගේ ගෙළ කපා නිවස තුළ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව පොලිසිය විසින් සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකිරීමේ දී ඔහු ද නිවස ආසන්නයේ පිහිටි ගසක ගෙළ වැළලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාව 46 හැවිරිදි වියේ පසුවූ අතර, සියදිවි නසාගත් සැමියා 54 හැවිරිදි වියේ පසුවූ තැනැත්තෙක්.

මොවුන් දෙදෙනා අතර කලක සිය ආරවුල් පැවති බවයි විමර්ශනවල දී අනාවරණය වී අත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
15
+1
0
+1
3
+1
37
+1
7
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47
Video thumbnail
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවට සිදුවුණ අනතුර ගැන විජිතගෙන් හෙළිදරව්වක්..30දෙනෙකුගේ ජීවිත බේරගත්තා
02:57
Video thumbnail
ගාලු මුහුදේදී ඉරාන නැවකට ප්‍ර#රයක් ?..චාමර හදිස්සියේම නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
01:26
Video thumbnail
නිධානයක් උඩ ඉදගෙන හිඟා කනවා කිව්ව කෙනා දැන් මේ රට හුන්ඩුවක්ලු
05:47
Video thumbnail
හුන්ඩුවේ ප්‍රශ්නය නිසා තිස්ස කුට්ටිට යකා නගියි..ඔයාට හුන්ඩුවක් වුණාට අපිට හුන්ඩුවක් නෙවෙයි
02:57
Video thumbnail
Praharaya | මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:05:11
Video thumbnail
සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවට වැරදිලාද? පැටලිලාද?..මෙයා පාස්කු ප්‍ර#රයට සම්බන්ධ නැහැ
06:31