බිම්බෝම්බයකට හසු වූ ඇතින්නියකගේ මළ සිරුරුක් කැලයකින් හමුවේ

මුලතිව්, මල්ලාවි, විනායගපුරම් ප්‍රදේශයේ වැව් රක්ෂිතයක තිබී මියගිය ඇතින්නකගේ මළ සිරුරක් පසුගිය දා හමු වී තිබෙනවා.

විනායගපුරම් ගම්වාසීන් විසින් මුලතිව් වනජීවි කාර්යාලයට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් අනතුරුවයි එය සොයාගෙන ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසු වූ ඇතින්නියක් වන අතර, මෙම සත්වයා මිය යනවිට ගැබ්ගෙන සිටි බවට අනාවරණය වූ බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

මෙම සත්වයා මිය යාමට පෙර බිම්බෝම්බයකට හසුව පාදයකට බරපතළ හානි සිදුව ඇති බවට ද නිරීක්ෂණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ඇතින්න බිම්බෝම්බයට හසු වී සිදුවූ තුවාල හේතුවෙන් මියගොස් නොමැති බවත්, පැටවෙකු බිහිකිරීමට ආසන්නව සිටිය දී ගැබතුළ සිදු වූ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් මිය ගොස් ඇති බවටයි සිදුකළ මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ.

වනජීවී නිලධාරීන් සැකපළ කරන්නේ ඇතින්න බිම්බෝම්බයට හසුව පාදයකට බරපතළ හානි සිදු වූ පසු පාද තුනෙන්, අසල තිබූ වැව් බැම්ම නැඟීමට ගත් උත්සාහයක දී ඉන් පහළට පෙරළී යාමෙන් ගැබට හානි සිදුව අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් මෙම ඇතින්න මිය ගොස් ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
9
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලුණුගම්වෙහෙර බිහිසුණු බස් අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
00:55
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
59:44
Video thumbnail
බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුර - 15 පමණ රෝහලේ
00:23
Video thumbnail
මරික්කාර් නිලධාරින්ගෙන් එකින් එක ප්‍රශ්න කරයි - වැරදි බිස්නස් Model එකක්නේ..මේක වැරදියි
12:36
Video thumbnail
සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මාධ්‍ය නිදහස නැතිකරන්න යන්නේ..රාජ්‍ය පාලනයට ගන්න යන කෙටුම්පතක්..
07:13
Video thumbnail
ලුණුගම්වෙහෙරේ බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුරක් - 15 දෙනෙක් පමණ තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක්
01:14
Video thumbnail
"අම්මේ නැගිටින්න"..දරුවෝ එන හැටි..කෝ මෙයාලගේ හෙල්මට් ?
01:42
Video thumbnail
ගලේ දේවාලේ පිළිම හොරකම් කරද්දි අතටම මාට්ටු
00:40
Video thumbnail
මිහින්තලේ හිමි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ - මිහින්තලේ පෙරහැර නිසා ලොකු කළබලයක්
05:25