බැංකුවක ව්‍යාජ වෙබ් අඩවියකින් කළ මහා පරිමාණ වංචාවක්

මෙරට පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමානව සකසන ලද ව්‍යාජ වෙබ් අඩවි ගණනාවක් මගින් රුපියල් කෝටි 600කට අධික මුදලක් ගනුදෙනුකරුවන්ගෙන් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලිමෙන් අනතුරුවයි.

ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමානව තවත් වෙබ් අඩවි සකස් කර පුද්ගලයන් රවටමින් මෙම මහා පරිමාණ මුදල් වංචාව සිදු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

සංවිධානාත්මක සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් අදාළ පුද්ගලික බැංකුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවි සකස් කරමින් එම බැංකුවේ පාරිභෝගිකයන්ගේ රුපියල් කෝටි ගණනක මෙම මුදල වංචා කර ඇත්දැයි ද විමර්ශකයින් අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය කඩිනම් කර අධිකරණයට කරුණු දක්වන ලෙසත් සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32