AFC Banner
Empty Ad
Empty Ad

බාල වයස්කාරියක් ගෙදර එක්කගෙන ගිය තරුණයාට ඇප

මුහුණු පොතෙන් හාද වී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් නිවසට කැඳවාගෙන ගොස් අඹුකමට තබා ගැනීමේ චෝදනාව මත මාස 2කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි 16 හැවිරිදි සැකකරුව ඇප මත නිදහස් කර තිබෙනවා.

මිනුවන්ගොඩ දිසා විනිසුරු හේශාන්ත ද මෙල් මහතා නියෝග කර ඇත්තේ සැකකරු රුපියල් 5000ක මුදල් සහ රුපියල් දෙලක්ෂ පනස්දහසක් බැගින් වු ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙසටයි.

දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 16 හැවිරිදි සැකකරුවෙක් මෙලෙස ඇප මත නිදහස් කරනු ලැබුවා.

වින්දිත දැරිය මව සහ පියා භාරයේ සිටින බවට පැවසුන ද පරිවාස වාර්තාව අනුව වින්දිත දැරිය ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තබා ඇති බවටයි අධිකරණයේදී සඳහන් වූයේ.

සැකකරුගේ පියා අතහැර මව විදේශගතව සිටින බව ද සඳහන්.

සැකකරු වින්දිත දැරිය මුහුණු පොතෙන් හඳුනාගෙන ඇති අතර ඔහු මාවනැල්ලේ සිට දැරිය හමුවීමට දිවුලපිටිය නගරයට පැමිණි තිබූ බව පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

සැකකරු පමණක් මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසේ පදිංචිව සිටින බවත් විදෙස්ගතව සිටින මව ජීවත් වීම සඳහා මුදල් එවන හෙයින් සැකකරුගේ නිවසේ පදිංචියට යමු යැයි කළ යෝජනාවට දැරිය එකඟ වී සැකකරුගේ නිවසේ පදිංචියට ගොස් ඇති බව අධිකරණයේ දී හෙළි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?