දිට්වා නිසා හානි වූ නිවාසවල හානි තක්සේරු කිරීම අද සිට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ නිවාස හානි තක්සේරු කිරීම අද (08) දිනයේ සිට ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පිහිටුවන ලද කමිටුවක් විසින් තක්සේරු කිරීම් සිදුකරනු ලබනවා.

මේ අතර නාය යෑම් සහ ජල ගැලීම් හේතුවෙන් හානියට පත් නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 25,000ක අත්තිකාරම් මුදලක් ලබාදෙන බව එම අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළා.

එමෙන්ම නිවාස හිමිකම නොසලකා නැවත පදිංචි කිරීම සහ අත්‍යවශ්‍ය ගෘහ උපකරණ මිලදී ගැනීම සඳහා එක් නිවසකට රුපියල් 50,000ක දීමනාවක් ලබාදෙන බවත් රජය සඳහන් කළා.

නිවාස හෝ ජීවනෝපායන් සම්පූර්ණයෙන්ම අහිමි වූ පවුල් සඳහා මාස තුනක් දක්වා මූල්‍ය ආධාර ලබාදීමට තීරණය කර ඇති අතර, සාමාජිකයින් දෙදෙනෙකු හෝ ඊට අඩු පවුල් සඳහා රුපියල් 25,000ක මුදලක් සහ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට වඩා සිටින පවුල් සඳහා රුපියල් 50,000ක මුදලක් ඒ අනුව හිමිවනු ඇති.

එමෙන්ම නැවත පදිංචිවීමට නිවාස නොමැති පවුල්වලට උපරිම මාස 06ක් දක්වා රුපියල් 25,000ක මාසික කුලී දීමනාවක් ද ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22