spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බාලවයස්කාර දැරියක් කෙලෙසා පැන්න 21 හැවිරිදි සැකකරු පොලිස් දැලේ

බාලවයස්කාර දැරියක් දූෂණයකර සැඟව සිටි පුද්ගලයෙක් ගලෙන්බිඳුණුවැව නගරයේ දී කොකාවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොකාවැව, තීත්තැල්ලෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක පුද්ගලයෙක්.

17 හැවිරිදි දැරියක් නිවසේ තනිව සිටින අවස්ථාවේ දී සැකකරු බලහත්කාරයෙන් නිවසට ඇතුල් වී ඇයව දූෂණයකර පළාගොස් තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැරිය ඇයගේ මව්පියන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් විසින් කොකාවැව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව විමර්ශන ඇරඹු පොලිසිය සැකකරුව පෙරේදා (12) දින අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊයේ (13) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරුව හෙට (15) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු කොකාවැව පොලිස් ස්ථානය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
1
+1
1
+1
5
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?