Empty Ad
AFC Banner
Empty Ad

බාප්පා සමඟ සමීප ඇසුරක සිටි දුව බාප්පාගේ තියුණු ආයුධ ප්‍රහාරයෙන් මරුට (ඡායාරූප)

පල්ලෙවෙල පොලිස් වසමේ හාපිටිගම ප්‍රදේශයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක් රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මෙම විවාහක කාන්තාව හාපිටිගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ කාන්තාව සිය පියාගේ මල්ලී (බාප්පා) සමඟ කුලී පදනම මත හාපිටිගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති අතර, එහිදී ඔහු සමඟ ඇති වූ ආරවුලක දී බාප්පා ඊයේ (20) ඇයට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

එහිදී බරපතළ කැපුම් තුවාල ලබා සිටි එම කාන්තාව මීරිගම රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අපරාධය සිදුකළ සැකකාර 59 හැවිරිදි බාප්පා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහු ඝාතනයට ලක්වූ කාන්තාව සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකරු සොයා පල්ලෙවෙල පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
21
+1
5
+1
9
+1
1
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක් - අප්‍රේල් වැටුපෙන් වෛද්‍යවරුන් නන්නත්තාරයි
03:32
Video thumbnail
ගම්පහ - වැලිවේරියත් රත්වෙයි
00:20
Video thumbnail
වැලිවේරියෙත් වෙ# පත්තු වෙයි
02:30
Video thumbnail
බන්ධනාගාර අධිකාරවරයාගේ ඝා#නය සිදුවූ ස්ථානය ගාල්ල මහෙස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණය සිදුකළ අයුරු
02:25
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
00:46
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
02:34
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්දියට අල්ලපු සැකකරු ඇත්තටම වැරදිකරුද ? මොළේ කචල් වෙන හෙළිදරව්ව මෙන්න
14:34
Video thumbnail
රනිල්ට හිරේ කූරූ ගණන් කරන්න වෙයිද ?
06:22
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
01:00
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
06:17

?