බ්‍රිතාන්‍යයේ දී තහනම් ත්‍රස්ත සංවිධානයකට මුදල් එකතු කළ අයෙක් කටුනායක දී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවෙන් පළා ගොස් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කර, කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කය තුළ එම මුදල් බෙදාහැරීම සිදුකළ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුව එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමකට අනුව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ෂංකර් විජේසුන්දරම් නැමැති 43 හැවිරිදි මොහු කිලිනොච්චිය, උරච්චිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු ඉකුත් 2009 වසරේ දී ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍ය වෙත පළාගොස් එරට පුරවැසිභාවය ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

බ්‍රිතාන්‍යයේ දී ඔහු මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කර එම මුදල් කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වෙමින් තිබූ එම සංවිධානයේ සාමාජිකයන් වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳ පැමිණිලි කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබූ අතර, එම කොට්ඨාසයේ නිලධාරීන් 2012.05.31 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තාකර මොහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් ලබාගෙන තිබුණා.

මේ බව නොදත් මෙම සැකකරු ඊයේ (30) පෙරවරු 10.32ට ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 501 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබුණා.

පසුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් පැමිණ මෙම පුද්ගලයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සදහා රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04