බස්, දුම්රිය ගාස්තු සම්බන්ධව මුදල් ඇමතිගෙන් දැනුම් දීමක්

ඉකුත් පාලන සමයේ ඇණවුම් කර ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කොට වහාම ධාවනයට යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ප්‍රවාහන, ප්‍රවාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ ජනාධිපති කාර්යාලයේ දී පැවති අතර ඊට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

එම සාකච්ඡාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහි දී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රවාහන ගාස්තු වැඩි කරමින් මඟී ජනතාව පීඩාවට පත් කිරීමට සූදානම් නො මැති බවයි.

නාස්තිය සහ වංචාව අවම කර ගත යුතු බව ද එහි දී මුදල් අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !