spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස්වල යන කාන්තාවන්ගේ රන් භාණ්ඩ සොරකම් කළ අයෙක් පොලිස් දැලේ

බස් රථවල ගමන් කරමින් සිටින කාන්තාවන්ට මත් පෙති ලබාදී රන් මාල සොරකම් කිරීමට සම්බන්ධ සැකකරුවෙකු කටුනායක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස් රථවල ගමන් කරන කාන්තාවන් සමග සුහද වී ඔවුන්ට මත් වීමට පෙති ලබාදී එම කාන්තාවන් සතු රන් භාණ්ඩ මෙම පුද්ගලයා සොරකම් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කටුනායක පොලිසියට ලැබුණු තොරතුරු මත ඊයේ සවස වැටලීමක් සිදු කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔහු සතුව තිබී මත් පෙති 4ක් රන් මාලයක් රන් මුදු 3ක් සහ රන් අත් පළඳනාවක් ද සොයාගෙන ඇති බවයි.

රාජාංගණය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු 53 හැවිරිදි අයෙක්.

ඔහු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කටුනායක පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
3
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?