බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌවට අද වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 30-40ත් අතර තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40
Video thumbnail
තරුණයෙක් අහපු ප්‍රශ්නයට රනිල්ට තදවෙයි ?19වෙනි ශතවර්ෂයේ හිරවෙලානේ ඉන්නේ
02:34
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06