බමන මතින් ගොස් අනතුරු සිදුකළ තුන්සක රියදුරුට සිර දඩුවම්

බීමත්ව අපරික්ෂාකාරී ලෙස ත්‍රීවීල් රථයක් පදවා නියම මංතීරුවේ ගමන් කළ කාන්තාවක්ව හප්පා එම කාන්තාවට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු තවත් චෝදනා 07 කට වරදකරු වූ ත්‍රීවිල් රථ රියැදුරුට වසර දෙකක ලිහිල් සිරදඬුවමක් ගම්පහ මහේස්ත්‍රාත්වරිය ඊයේ (27) වෙනිදා නියම කර තිබෙනවා.

විත්තිකරුට චෝදනා හත සඳහා රුපියල් එක් ලක්ෂ පනස්දහසක දඩ මුදලක් සහ තුවාලකාරිය ට රුපියල් 60,000 ක වන්දි මුදලක් ගෙවීමට නියම කෙරුණු අතර දඩ මුදල් සහ වන්දි මුදල් නොගෙවන්නේනම් නම් වසර දෙකක සිර දඬුවමක් නියම කෙරුණා.

විත්තිකාර ත්‍රීවිල් රථ රියදුරු නියම වූ එම දඩ මුදල සහ වන්දි මුදල නොගෙවීම හේතුවෙන් වසර දෙකක සිර දඬුවම ක්‍රියාත්මක කෙරුණා.

විත්තිකරු ගම්පහ , ඔරුතොට පාරේ පදිංචිකරුවෙක්.

නොසැලිකිලිමත් ලෙස ත්‍රීවිල් රථයක් ධාවනය කර කාන්තාවකට බරපතළ තුවාල සිදු කිරීම, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය,
අනතුරක් වලක්වා නොගැනීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම , ආදායම් බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම සහ බීමත්ව රිය පදවා බරපතළ තුවාල සිදු කිරීම යන චෝදනාව 07 ට දඩ සහ
බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාවට වන්දි ගෙවීමට විත්තිකාර ත්‍රීවිල් රථ රියදුරුට දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව
මෙසේ නියම කෙරුණා.

2021 වර්ෂයේ ඔක්තෝම්බර් මස 21 දින එම අනතුර ඔරුතොට පාරේ දී සිදුකර තිබූ බවට පැමිණිල්ල මෙහෙයවමින් ගම්පහ පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21