කොලොම්බියාව වසර ගණනාවකට පසු ඇති වූ විශාලතම භූමිකම්පාවකින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 132ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර සුන්බුන් අතර සිරවී සිරින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයක් සටහන් වූ මෙම භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිලි යට තවත් බොහෝ දෙනෙක් සිරවී සිටින අතර, මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් සඳහන් කළේ.
එමෙන්ම භූමිකම්පාවෙන් පුද්ගලයින් 480 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි කොලොම්බියා බලධාරීන් වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය චොකෝ පළාතේ සැන් ජෝස් ඩෙල් පල්මාර් ගම්මානය අසල වූ නමුත් ප්‍රාදේශීය නගරාධිපති ලියොන් ෆැබියෝ මැරින් මොන්කාඩා පැවසුවේ ආශ්චර්යමත් ලෙස එහි කිසිදු මරණයක් හෝ තුවාලයක් වාර්තා නොවන බවයි.













