මැලේසියාවේ සිට ගෙන ආ ‘රත්මලානේ සයිමා’ පේරාදෙණිය පොලිසියට භාරදීලා

මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයා බව කියන ‘රත්මලානේ සයිමා’ නැමැත්තා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම සැකකරු ඊයේ (10) රාත්‍රියේ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

තොටිවිලගේ ධනුෂ්ක කෞශල්‍ය නොහොත් ‘රත්මලානේ සයිමා’ 41 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු 2014 වර්ෂයේ දී පේරාදෙණිය පොලිස් වසමේ දී ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සහ 2016 වර්ෂයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු දෙකක චූදිතයෙකු වනවා.

රත්මලාන, ජයසුමනාරාම මාවතේ පදිංචිව සිටි මොහු ගල්කිස්ස අධිකරණයෙන් නිකුත් කළ ගුවන් ගමන් තහනමකට ලක් වී සිටි අතර, ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙකු ද වුණා.

මේ අතර ඔහු සමඟ ඊයේ (10) දිනයේ දිවයිනට රැගෙන ආ අනෙකුත් සැකකරුවන් දෙදෙනා අද (11) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියනගේ ඉෂාර සලින්ද කුමාර සහ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන ලද්දු හෙන්නැදිගේ ලසන්ත ලක්මාල් සිල්වා නැමති අය ද මෙලෙස මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන ඊයේ (10) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46