මැලේසියාවේ සිට ගෙන ආ ‘රත්මලානේ සයිමා’ පේරාදෙණිය පොලිසියට භාරදීලා

මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයා බව කියන ‘රත්මලානේ සයිමා’ නැමැත්තා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම සැකකරු ඊයේ (10) රාත්‍රියේ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

තොටිවිලගේ ධනුෂ්ක කෞශල්‍ය නොහොත් ‘රත්මලානේ සයිමා’ 41 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු 2014 වර්ෂයේ දී පේරාදෙණිය පොලිස් වසමේ දී ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සහ 2016 වර්ෂයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු දෙකක චූදිතයෙකු වනවා.

රත්මලාන, ජයසුමනාරාම මාවතේ පදිංචිව සිටි මොහු ගල්කිස්ස අධිකරණයෙන් නිකුත් කළ ගුවන් ගමන් තහනමකට ලක් වී සිටි අතර, ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙකු ද වුණා.

මේ අතර ඔහු සමඟ ඊයේ (10) දිනයේ දිවයිනට රැගෙන ආ අනෙකුත් සැකකරුවන් දෙදෙනා අද (11) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියනගේ ඉෂාර සලින්ද කුමාර සහ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන ලද්දු හෙන්නැදිගේ ලසන්ත ලක්මාල් සිල්වා නැමති අය ද මෙලෙස මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන ඊයේ (10) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16