කුඩු සල්ලිවලින් බැංකුත් නොමඟ යැවූ ජිෆ්රි මොහොමඩ් රිමාන්ඩ්

භාණ්ඩ ආනයනය කරන බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් සමාගම් 89ක ජාලයක් හරහා ඇමරිකානු ඩොලර් මිලියන 715ක මුදලක් නීති විරෝධී ලෙස විදේශගත කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදල් විශුද්ධිකරණය කිරීම සහ බැංකු පද්ධතිය නොමඟ යැවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජිෆ්රි මොහොමඩ් නමැත්තා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (06) නියෝග කළා.

රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ නීතිවිරෝධී අයුරින් අමෙරිකානු ඩොලර් මිලියන 751 කට වඩා වැඩි දැවැන්ත මුදලක් විදේශ රටවලට යැවු බව කියන සිද්ධියට අදාලව මූල්‍ය විමර්ශන කොට්ඨාසය
විසින් අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවෙකු වන ⁣⁣ජිෆ්රි මොහොමඩ් නමැත්තා අද (06) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

වසර කිහිපයක් තිස්සේ මෙරට ජාතික ධනය විදේශයන්ට ඇද දැමු මෙරට ඉතිහාසයේ විශාලතම සහ ප්‍රධානතම කළු සල්ලි ජාවාරම්කරුවෙක් බව කියන ජිෆ්රි මොහොමඩ් නමැත්තා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

සිද්ධියට අදාල සැකකරු සම්බන්ධයෙන් 54(ආ) වගන්තිය යටතේ සැකකරුට එරෙහිව සාක්ෂි සම්පිණ්ඩන වර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කළා.

සිද්ධියට අදාලව අධිකරණයට කරුණු දක්වමින් මූල්‍ය විමර්ශන කොට්ඨාසය සදහන් කර සිටියේ මෙම සැකකරු විසින් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ පමණක් නීතිවිරෝධී අයුරින් විදේශ රටවලට යවා ඇති මුදල රුපියල් කෝටි විසි එක්දහසකට (රු. කෝටි 21,000) අධික බවයි.

එය අමෙරිකානු ඩොලර් මිලියන 700 කට වඩා වැඩි දැවැන්ත මුදලක් වන අතර මෙමඟින් මෙරට ආර්ථිකයට එල්ල කර ඇති බලපෑම සුළුපටු නොවන බව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට පවසා සිටියා.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්, කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය “A.Y ඉන්වෙස්ට්මන්ට්” නැමැති ආයතනය වටලා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

එහිදී ජිෆ්රි මොහොමඩ් නැමැති පුද්ගලයෙකු අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් මෙම සූක්ෂ්ම ජාවාරම මෙහෙයවා ඇති බවයි.

මීගමුවේ පිහිටි නිවාස සංකීර්ණයක සැඟවී සිටියදී ඉකුත් ජුනි (19) දින මොහුව අත්අඩංගුවට ගෙන අද දක්වා රැදවුම් නියෝග ලබා ගෙන තිබුණා.

අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී පවා රුපියල් කෝටි ගණනක ඩොලර් නෝට්ටු තොගයක් ඔහු සතුව තිබී ඇති බවයි විමර්ශන නිලධාරීන් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11