කොලොම්බියාවේ භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 111ක් දක්වා ඉහළට – තවත් විශාල පිරිසක් කඩා වැටුණු ගොඩනැගිලි යට

කොලොම්බියාවට බලපෑ දරුණු භූමිකම්පාවකින් පුද්ගලයින් 111 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සමඟ කොලොම්බියාව තුළ හදිසි තත්ත් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති අතර, තවත් බොහෝ දෙනෙක් කඩා වැටුණු ගොඩනැගිලි යට සිරවී සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

රිච්ටර් මාපක 7.4 ක ප්‍රබලත්වයකින් සටහන් වූ මෙම භූකම්පනයේ කේන්ද්‍රය කොලොම්බියාවේ පැසිෆික් වෙරළ තීරයේ පිහිටි චොකෝ පළාතේ සැන් ජොසේ ඩෙල් පල්මාර් ආසන්නයේ පිහිටා තිබූ බවයි කොලොම්බියානු භූ විද්‍යා සේවය සඳහන් කළේ.

මෙම භූකම්පනය කොලොම්බියාවේ පළාත් 09කට සහ පළාත් අගනගර 32කට දැනී ඇති බව එරට ආපදා කළමනාකරණ ආයතනය පවසනවා.

මේ අතර බොහෝ මරණ කොලොම්බියාවේ කෝපි වගා කරන කලාපයේ පෙරෙයිරා නගරයේ සංකේන්ද්‍රණය වී ඇති අතර, අවට නගර සහ වැලී ඩෙල් කොකා කලාපයට ද දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15