බදුල්ලේ පාසලක් තුළ ගව ඝාතකාගාරයක්

බදුල්ල නගරයේ අරාබි පාසලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතකාගාරයක් බදුල්ල පොලිස් කොට්ඨාස විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් අද (16) වටලා තිබෙනවා.

එහිදී සැකරුවන් හතරදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, ඝාතනය කළ එළගවයින් හතර දෙනෙකුගේ මස් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී මස් සඳහා ඝාතනය කිරීමට සූදානම් කර තිබූ වසු පැටියෙක් ද සොයාගැනීමට හැකිව ඇති අතර, මෙම නීති විරෝධී ගව ඝාතකාගාරයෙන් බදුල්ල නගරයේ ගවමස් වෙළෙඳසල්වලට මස් සපයා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැලිමඩ, බෝගහකුඹුර, බණ්ඩාවෙල, හාලිඇල සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, අදාළ අරාබි පාසලේ අරක්කැමියා ද ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

බදුල්ල විශේෂ කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
9
+1
2
+1
11
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07