spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බදාදා සුනාමි පෙරහුරු අභ්‍යාසයක්

ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රජාවන්ගේ සහ පාසල් සිසුන්ගේ සූදානම් මට්ටම පරීක්ෂා කිරීම සඳහා කලාපීය සුනාමි සමාකරණ අභ්‍යාසයක් ඔක්තෝබර් 04 වන බදාදා පැවැත්වීමට නියමිතව බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (03) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

ඒ, අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති ජාතික මට්ටමේ සිට ගම් මට්ටම දක්වා වූ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් දැනුම්දීමේ යාන්ත්‍රණ ඇගයීමේ අරමුණ ඇතිව මෙම අභ්‍යාසය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම වෙරළබඩ දිස්ත්‍රික්ක නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුම්වත් කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉල්ලීමක් කර ඇති බව ද නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?