කුඹුරුවල වගා කරන වී හා කන්න රැස්වීම් වලදී තීරණය කරනු ලබන මෙන්ම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසින් නිර්දේශ කරනු ලබන වෙනත් ක්ෂේත්‍ර බෝග වගාවන් සඳහා අවශ්‍ය පොහොර සපයා ගැනීමට සහනාධාර ලබා දීමේ වැඩසටහන 2026/27 මහ කන්නයේදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබෙනවා.
එම කන්නය සඳහා පොහොර මූල්‍ය සහනාධාරය ලබා දීමේ පිරිවැය රුපියල් බිලියන 16ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති බවයි රජය පවසන්නේ.
ඒ අනුව, 2026/27 මහ කන්නයේදී වී සහ කුඹුරු වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 30,000/- බැගින් උපරිම හෙක්ටයාර 2 ක් දක්වා පොහොර මූල්‍ය සහනාධාරය ගෙවීම් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා










