පොසොන් වෙනුවෙන් ගාල්ලේ රැඳවියන් 09කට නිදහස

අද (21) දිනට යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 09 දෙනෙකුට නිදහස හිමි තිබෙනවා.

සුළු වැරදි සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අවස්ථාවේ දී සිරගත ව සිටි කාලය සීමාවේ දී රැඳවියාගේ යහපත් හැසිරීම් මට්ටම සලකා බලමින් මෙම නිදහස ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ගාල්ල බන්ධනාගාරයේ මෙම රැඳවියන් 09 දෙනාට නිදහස ලබාදීම එහි අධිකාරී පුලින කරුණාරත්නගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා.

මේ අතර අද දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන්ව බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට විවෘත අවස්ථාවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව පූර්ණ අධීක්ෂණය යටතේ ඥාතීන් හට සිය නිවෙස්වලින් රැගෙන එන ආහාරපාන, ඖෂධ ආදිය සිය රැඳවියා වෙත ලබා දිය හැකි බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (20) සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26