පොසොන් උත්සවයට අමතර CTB බස් 400ක්

මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය වෙනුවෙන් පැමිණෙන්න බැතිමතුන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ගමනාගමන මණ්ඩලය පවසනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් පැවසුවේ ගම්පහ සහ කොළඹ ලංගම ප්‍රාදේශිකයන්වල ද සහාය ඇතුව පොසොන් මංගල්‍යය වෙනුවෙන් අමතර බස්රථ 400ක් යෙදවීමට කටයුතු කරන බවයි.

අනුරාධපුර ලංගම ප්‍රාදේශීය කාර්යාලයේදී අද (08) පැවති පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට සිදුවන අපහසුතාවය මඟ හැරීම සඳහා මීට පෙර වර්ෂවල දී පැවති පොසොන් උත්සව සඳහා යෙදවූ බස් රථ සේවාවට අමතර විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මේ වනවිට ක්‍රියාත්මක දුම්රිය රියදුරු වර්ජනය හමුවේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පිට ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන මගී ජනයා වෙනුවෙන් ප්‍රවාහන පහසුවන් සැලසීමට ද ලංගම කටයුතු කර ඇති බවත් සභාපතිවරයා මෙහි දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන්ටිසෝරි ටීචර්ට ඉල්ලා අස්වෙන්න කියලා නිලධාරීන්ගෙන් තර්ජන
02:15
Video thumbnail
කොහොමද දිලිත්ට පොඩ්ඩොන්ගෙන් ලැබෙන ආදරය
01:57
Video thumbnail
ජනාධිපතිතුමා කිව්ව විදිහටම කළා - ගොඩාක් ස්තූතියි
04:25
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න ඔයාලට බෑ
05:33
Video thumbnail
සජිත් ජනපතිගෙන් ඉල්ලීමක් කරයි - ආණ්ඩුව විහිළු සපයන්නේ
07:58
Video thumbnail
පොහොට්ටුව කාන්තාවක් ආණ්ඩුව සැරටම අමතයි
10:28
Video thumbnail
ජනප්‍රිය නළු රවීන්ද්‍ර යසස් ආණ්ඩුවට හොඳම එකෙන් කියයි..අමනුෂ්‍ය කොලිටිය දාලා තග දාන්න එපා
02:46
Video thumbnail
පාස්කු මහ මොළකරු කවුද කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
04:34
Video thumbnail
ලාල්කාන්තගේ වීඩියෝවක් ලීක්වෙයි..මෙන්න ඇමතිගේ කෙරුවාව.. උණුත් හොරු මුණුත් හොරු තොපිත් හොරු
06:04
Video thumbnail
කොකේන් සඟවාගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් කොටුවෙයි
01:02