පොලිසියෙන් කට්ටි පනිමින් සිටි අයෙක් ඉංගිරියේදී අත්අඩංගුවට

ඉංගිරිය පොලිස් වසමේ හඳපාංගොඩ ප්‍රදේශයේදී පසුගිය 11 වැනිදා පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලිසියෙන් ලද පැමිණිල්ලක් මත ඉංගිරිය පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව විමර්ශන නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව ඉහත අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (14) උදෑසන ඉංගිරිය පොලිස් වසමේ හඳපාංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අවුරුදු 45 ක් වූ කිරිගල, හඳපාංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉංගිරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.