මීගමුවේ දී ඉතාලි ජාතිකයෙක්ට අවාසනාවන්ත ඉරණමක්

මීගමුව පොලිස් වසමේ කට්ටුව දුම්රිය ස්ථානයේදී ඊයේ (14) දින උදැසන හලාවත සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී බරපතල තුවාල ලැබූ විදේශිකයෙක් මීගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් සිට ඇති බව පොලිසිය පවසනවා.

මරණකරු අවුරුදු 76 ක් වූ ඉතාලි ජාතිකයෙක්.

මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.