Empty Ad
AFC Banner
Empty Ad

පොලිස් පාට් නිසා තරුණයෙකුට අහිමි වූ දේ

මැදවච්චිය පොලිසියේ නිලධාරීන් පිරිසක් සිදු කළ පහර දීමකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ තරුණයකුගේ වෘෂණ කෝෂයක් ඉවත් කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අනුරාධපුර, මැදවච්චිය පොලිසියේ නිලධාරින් පිරිසක් සිදුකළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ තරුණයෙකු රෝහල්ගත කර ඇති බවයි.

මෙලෙස බරපතල තුවාල ලබා ඇත්තේ මැදවච්චිය, තුලාවේලි ගම්මානයේ පදිංචි 23 හැවිරිදි දිලීෂ සංජීව නමැති තරුණයෙකි.

පසුගිය 07 වැනිදා සිය ලොරි රථය අලුත්වැඩියාවක් සඳහා යමින් සිටියදී ඒ පසුපස හඹා පැමිණි මැදවච්චිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු විසින් එම ලොරි රථය නවතා එහි රියදුරු වන දිලීෂ සංජීවට හා ලොරි රථයේ ගමන් ගත් ඔහුගේ යහළුවාට පහර දී තිබෙනවා.

ඉන්පසුව ත්‍රීවිල් රථයකින්ද එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් මොවුන් දෙදෙනාට පහර දී බරපතල තුවාල සිදුකොට ඇති බවයි දිලීෂ සංජීවගේ මව පවසන්නේ.

පසුව බරපතල තත්ත්වයේ සිටි දිලීෂ සංජීව තරුණයාව මැදවච්චිය රෝහලටත් ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහුගේ මව පවසන්නේ එහිදී තම දරුවාට සිදුකළ ශල්‍ය කර්මයකදී දරුවාගේ වෘෂණ කෝෂයක් ඉවත් කර ඇති බවයි.

මෙම තරුණයා තවදුරටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මව පවසන්නේ මෙම දරුවාට සාධාරණයක් ඉටු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිවේරියෙත් වෙ# පත්තු වෙයි
02:30
Video thumbnail
බන්ධනාගාර අධිකාරවරයාගේ ඝා#නය සිදුවූ ස්ථානය ගාල්ල මහෙස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණය සිදුකළ අයුරු
02:25
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
00:46
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
02:34
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්දියට අල්ලපු සැකකරු ඇත්තටම වැරදිකරුද ? මොළේ කචල් වෙන හෙළිදරව්ව මෙන්න
14:34
Video thumbnail
රනිල්ට හිරේ කූරූ ගණන් කරන්න වෙයිද ?
06:22
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
01:00
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
06:17
Video thumbnail
අද හවස ඇමති වසන්ත කොළඹ පීරයි
04:48
Video thumbnail
ගාල්ල වෙ# තැබීමේ සජීවී දර්ශන
01:00

?