පොලිස් නිලධාරීන් 25ක් මේ වනවිටත් මිහින්තලා පුදබිමේ රාජකාරියේ

මේ වනවිටත් පොලිස් නිලධාරීන් 25 දෙනෙක් මිහින්තලා පුදබිමේ රාජකාරී සඳහා යොදවා ඇති බව පොලිසිය පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද (11) මේ බව සඳහන් කළා.

පොලිස් නිලධාරීන් මිහින්තලා පුදබිමෙන් ඉවත්කර ගන්න බවට කිසිඳු ආකාරයේ තීරණයක් ගෙන නොතිබූ බව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

මේ අතර මිහින්තලා පුදබිමේ සිටි හමුදා නිලධාරීන් ඉවත් කිරීම තුළින් පුදබිමේ ආරක්ෂාවට කිසිඳු ආකාරයේ තර්ජනයක් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (11) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

එමෙන්ම එම පුදබිමේ සංවර්ධන කටයුතු සිදුකරමින් සිටි හමුදා නිලධාරීන් ඉවත් කර ඇති බැවින් එහි සංවර්ධන කටයුතු ඇනහිටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

මිහින්තලේ පූජා භූමියේ සංවර්ධන හා ඉදිකිරීම් කටයුතු සදහා යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් 250 කට අධික පිරිසක් අදාළ කටයුතු වලින් වහාම ඉවත් කිරීමට රජය තීරණය කළා.

ඒ, බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් ඊයේ (11) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කෙසේ වෙතත්, මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් පසුගිය සිකුරාදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ, තමාව ඝාතනය කිරීම සදහා කිසිවෙකුත් නොදන්නා ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනෙකු යොදා සිටිය දී ආරක්ෂක අංශ වෙත හසුව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?