පොලිස් නිලධාරීන් 25ක් මේ වනවිටත් මිහින්තලා පුදබිමේ රාජකාරියේ

මේ වනවිටත් පොලිස් නිලධාරීන් 25 දෙනෙක් මිහින්තලා පුදබිමේ රාජකාරී සඳහා යොදවා ඇති බව පොලිසිය පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද (11) මේ බව සඳහන් කළා.

පොලිස් නිලධාරීන් මිහින්තලා පුදබිමෙන් ඉවත්කර ගන්න බවට කිසිඳු ආකාරයේ තීරණයක් ගෙන නොතිබූ බව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

මේ අතර මිහින්තලා පුදබිමේ සිටි හමුදා නිලධාරීන් ඉවත් කිරීම තුළින් පුදබිමේ ආරක්ෂාවට කිසිඳු ආකාරයේ තර්ජනයක් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (11) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

එමෙන්ම එම පුදබිමේ සංවර්ධන කටයුතු සිදුකරමින් සිටි හමුදා නිලධාරීන් ඉවත් කර ඇති බැවින් එහි සංවර්ධන කටයුතු ඇනහිටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

මිහින්තලේ පූජා භූමියේ සංවර්ධන හා ඉදිකිරීම් කටයුතු සදහා යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් 250 කට අධික පිරිසක් අදාළ කටයුතු වලින් වහාම ඉවත් කිරීමට රජය තීරණය කළා.

ඒ, බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් ඊයේ (11) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කෙසේ වෙතත්, මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් පසුගිය සිකුරාදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ, තමාව ඝාතනය කිරීම සදහා කිසිවෙකුත් නොදන්නා ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනෙකු යොදා සිටිය දී ආරක්ෂක අංශ වෙත හසුව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55