මත් ජාවාරම මඩින්න විශේෂ පොලිස් මෙහෙයුමක් – දිනක් තුළ 148ක් අත්අඩංගුවට

සුළු, මධ්‍යම හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ඊයේ (13) දිට ආරම්භ කර තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම විශේෂ පොලිස් මෙහෙයුම දිවයිනේ සියලුම ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ, අනුව ඊයේ (14) දිනයේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 114කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඊයේ (13) දිනයේ සිදුකළ වැටලීම් 148ක දී සැකකරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.