‘සිරි දළඳා දැක්ම’ ප්‍රදර්ශනයට බැතිමතුන් පැමිණෙන වාහනවලට පොලිසියෙන් ස්ටිකරයක්

සිරි දළඳා දැක්ම ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එම බැතිමතුන් පැමිණෙන වාහන හඳුනා ගැනීමට ස්ටිකරයක් හඳුන්වාදීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

බැතිමතුන්ගේ වාහන පහසුවෙන් හඳුනාගෙන රථගාල් වෙත යොමු කිරීමට, පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව ගණනය කිරීම සහ බැතිමතුන්ට අවහිරයකින් තොරව වන්දනා කටයුතු කර ගැනීමට හැකිව පරිදි මෙම ස්ටිකරය හඳුන්වා දෙන බවයි පොලිසිය පැවසුවේ.

සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධීකරණය කරගනිමින් සිරි දළඳා දැක්ම ප්‍රදර්ශනය සඳහා පිටත්වන වාහන සඳහා එක් වාහනයකට එක් ස්ටිකරයක් බැඟින් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම ස්ටිකරය අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ අත්සන සහ නිල මුද්‍රාව සහිතව නිකුත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ වාහනවල ඉදිරිපස වීදුරුවේ වම්පස ඉහළ කෙලවරේ මෙම ස්ටිකරය අලවාගෙන පැමිණෙන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් සිරි දළඳා දැක්ම ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන් රැගත් වාහනවලට අදාළ ස්ටිකරය ඇලවීම අනිවාර්ය නොවන බව ද පොලිසිය පවසනවා.

WhatsApp Image 2025 04 14 at 3.23.53 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22