රුතුරාජ් වෙනුවට 17 හැවිරිදි ආයුෂ් චෙන්නායි කණ්ඩායමට

අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා 17 හැවිරිදි ආයුෂ් මැත්රේ කැඳවා තිබෙනවා.

මෙවර තරගාවලියේ දී ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීමට සිදු වූ චෙන්නායි නායක රුතුරාජ් ගයික්වාඩ් වෙනුවට මෙම 17 හැවිරිදි යොවුන් ක්‍රීඩකයා කණ්ඩායමට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මැත්රේට අමතරව තවත් දේශී ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අත්හදා බැලීමක් සඳහා චෙන්නායි වෙත කැඳවා තිබුණා.

එහිදී ඔහුගේ ආක්‍රමණශීලී පිතිකරණය හේතුවෙන් චෙන්නායි කණ්ඩායම් කළමනාකාරිත්වය ඔහුව කණ්ඩායමට එක්කර ගැනීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම ආයුෂ් මැත්රේ දේශීය ක්‍රිකට් පිටිය දක්වා තිබූ දක්ෂතා ද මෙම තෝරාගැනීමට හේතු වී තිබෙනවා.

රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන මැත්රේ, මේ දක්වා ක්‍රීඩාකර ඇත්තේ පළමුපෙළ තරග 09ක් පමණක් වන අතර, එහිදී ශතක 02ක් සහ අර්ධ ශතයක් රැස්කර ගැනීමට ඔහුට හැකිව තිබෙනවා.

චෙන්නායි නායක රුතුරාජ් ගයික්වාඩ් අබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් චෙන්නායි පිළේ නායකත්වයට හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි පත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43