Indian Premier League

පොලිස් නිලධාරියකු සිරුරට ගිනි තියාගනියි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ස්ථානයකට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියකු ඊයේ (19) පස්වරුවේ පොළොන්නරුව – කඳුරුවෙල, පොළහන්දිය ප්‍රදේශයේ සිය අනියම් පෙම්වතියගේ නිවසට ගොස් සිය සිරුරට පෙට්‍රල් හලා, ඉන් අනතුරුව ගිනි තබාගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අදාළ පොලිස් නිලධාරියා දිගු කලෙක සිට මෙම කාන්තාව සමග අනියම් සබඳතාවක් පවත්වා ඇති බවත්, ඉන් පසුව ඔවුන් දෙදෙනා අතර තිබූ ඇසුර බිඳී යාමෙන් පසුව තුවාලකරු දැඩි සිත් වේදනාවකින් පසු වී ඇති බවයි.

අසල තිබූ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ද ගෙන ඔහු අනියම් බිරිඳගේ නිවසට ගොස් දොරට තට්ටු කළ ද ඇය දොර විවෘත නොකිරීම හේතුවෙන් ඔහු මෙලෙස සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.

සිරුරට ගිනි ඇවිළීමෙන් පසු පොලිස් නිලධාරියා මහා මාර්ගයට දිවවිත් ඇති අතර එහිදි ප්‍රදේශවාසීන් එක් ව ගින්න නිමා කඩිනමින් ඔහුව පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහුගේ තත්ත්වය අසාධ්‍යය බවත් මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
10
+1
0
+1
4
+1
1
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?