පොදු දේපොළ අවභාවිත කිරීමේ වාර්තාව රනිල් සතුයි – කැබිනට් මණ්ඩලයත් වරදක් කරනවා -මංජුල ගජනායක

එදා මෙදා තුර දේශපාලන ඉතිහාසයේ මෙරට පැවැත්වූ ජනාධිපතිවරණවල දී එක් අපේක්ෂකයෙකු වැඩි ප්‍රමාණයක් පොදු දේපොළ අවභාවිත කිරීමේ වාර්තාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට හිමි වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධානයේ ජාතික සංවිධායක, මංජුල ගජනායක පවසනවා.

අද (11) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන වත්මන් ජනාධිපතිවරයා විසින් දිවයිනේ අස්සක් මුල්ලක් නෑරම සිය අයෝමය හස්තයෙන් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ම සිය දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගන්නා කුප්‍රකට තනි අපේක්ෂකයා බවයි.

මෙම සිදුවීම පිළිබඳව පැෆ්‍රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත සහ ශ්‍රී ලංකා පොලිසිය වෙත විවිධ පැමිණිලි රැසක් සිදු කරන ලද බව ද ඒ මහතා කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජ්‍ය දේපොළ අවභාවිත කරමින් සිදු කරන දේශපාලනික ක්‍රියාදාමයට එරෙහිව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බවත්; නැතහොත් එය අනාගතයේ පරපුරට වැරදි පූර්වාදර්ශයක් විය හැකි බව ද මංජුල ගජනායක මහතාගේ අදහසයි.

එමෙන්ම මෙරට කැබිනට් මණ්ඩලය උග්‍ර ලෙස එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමට දේශපාලන ආධාරකරුවෙකු ලෙස දිනෙන් දින අශෝබන තීරණ රාශියක් ගනිමින් සිටින බවත්; එම තීරණ ගත් සැණින් ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය හරහා ප්‍රකාශයට පත් කිරීම තුළින් ජනතාව වැරදි වැටහීමක් ඇති කරගත හැකි බව ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා.

කැබිනට් තීන්දුවක් ගත් පමණින් එය අවසන් තීරණය නොවන බවත්; එලෙස කරමින් ජනතාවට ඡන්ද පොරොන්දු ලබාදීමේ වැඩි සම්භාවිතාවක් නිරීක්ෂණය වී ඇති බවත් මංජුල ගජනායක මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17