Fly high Get bonus Aviator Phone

පොදු අපේක්ෂකයා ගැන පාඨලී කියපු කතාව මෙන්න

මෙරට ඉතා ඉක්මනින් මූල්‍යමය වශයෙන් බංකොලොත් වීමේ අවදානමකට මුහුණ පා තිබෙන බවත් ඉන් රට ගලවා ගෙන ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් ලබන වසරේ මුල ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි .

මන්ත්‍රීවරයා මහනුවරට පැමිණ ඊයේ (25දා) මල්වතු අස්ගිරි උභය මහා විහාර මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .

“මේ අවස්ථාවේ කළ යුත්තේ පොදු අපේක්ෂකයන් ගැන කතා කිරීම නොව පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා වන පොදු වැඩපිළිවෙළක් සකස් කර ගැනීමයි . ණය උගුලෙන් ගැලවී පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්නේ කෙසේද යන්න පිළිබඳ පොදු වැඩපිළිවෙළක් ජනවාරි මස රටට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න දැන් ප්‍රමාද වැඩියි . ආර්ථික අර්බුදය ආණ්ඩුව පෙන්වනවාට වඩා ඉහළයි . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් ඒ අය මූල්‍ය උපදේශකයින් පත් කිරීම තමයි කරන්නේ . අපට ණය ලබාදී තිබෙන රටවල් හා ආයතන සමඟ සාකච්ඡා ආරම්භ කරලා ණය නැවත ප්‍රතිව්‍යුහගත කරන්න ඔවුන් පියවර ගන්නවා . එසේ වුවහොත් අපි රටක් ලෙස බංකොලොත් බව පිළිගන්න සිදුවෙන අතර එය තහවුරු වීමක් ද සිද්ධ වෙනවා . රටක් බංකොලොත් වුවහොත් දශක ගණනාවක් යන තුරු එම තත්ත්වයෙන් රට ගලවා ගන්න බැහැ .

ගල් අඟුරු තෙල් ගේන්න ගියහම රජය බැංකුවට වලට මෙන්ම පෞද්ගලික බැංකු වල ණයවර ලිපි වලට ජාත්‍යන්තර පිළිගැනීමක් නැහැ . මහ බැංකුව සුරංගනා කතා කිව්වට ලෝකය දන්නවා ලංකාව පත්ව තිබෙන තත්වය .

ව්‍යවස්තාවේ 148 වගන්තිය අනුව මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි . දැන් ඇතිවෙලා තිබෙන්නේ මූල්‍ය අර්බුදයත් නිසා පක්ෂ නායකයන්ට තිබෙන ගැතිකම් වලින් ඔබ්බට ගිහින් කටයුතු කිරීමේ වගකීම ආණ්ඩුවේ වගේම සෑම පක්ෂයකම මහජන නියෝජිතයන්ට තිබෙනවා .

රාජ්‍ය දේපොළ අපහරණය කරනවා නම් ඇමතිවරු පමණක් නොව නිලධාරිනුත් වගකියන්න ඕන . කෘෂිකර්ම ලේකම් මොනවත් කිව්වේ නැහැ . නැනෝ යුරියා නයිට්‍රිජන් ලීටරයක් ඩොලර් 06 එක ගෙන්නුවේ 25 ට කිව්වට පස්සේ ඒක 20 කළා . සමාජ මාධ්‍ය වල එක කමෙන්ට් එකක් දැම්මම කඩාගෙන පනින රහස් පොලිසියට අද වනතුරුත් බැරි වුණා මේ දැවැන්ත ඩොලර් වංචාව කරපු සමාගම ගෙනත් ප්‍රකාශයක් ලබා ගන්න . ඒ තත්ත්වයට අද රටේ නීතිය පත්වෙලා . මෙවැනි මහා පරිමාණ වංචා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන දිනය වැඩිඈතක නෑ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචර් අම්මාගෙ කෙරුම්කාරම්වකට ලක් වූ තරුණයාට ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග
01:48
Video thumbnail
සියලුම ජනමාධ්‍යවේදීන්ට ආසිරි පතා කිරිවෙහෙර හීදී පැවැත්වූ විශේෂ පූජාව
01:11
Video thumbnail
හල්ලොලුවට වෙ# තැබීම කුමන්ත්‍රණයක් ? - අජිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
32:55
Video thumbnail
හර්ෂණ ලෙසටම ආණ්ඩුවට දෙසයි
08:07
Video thumbnail
ජාතික රණවිරු සැමරුමට එන්නෑ කියූ ජනපති, එන්න තීරණය කරයි
02:29
Video thumbnail
කොටහේන වෙ#ඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් මාට්ටු
01:21
Video thumbnail
සෙල්ලම් බඩු ආනයනය රටට අත්‍යාවශ්‍ය නෑ
05:31
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?