පොදු අපේක්ෂකයා ගැන පාඨලී කියපු කතාව මෙන්න

මෙරට ඉතා ඉක්මනින් මූල්‍යමය වශයෙන් බංකොලොත් වීමේ අවදානමකට මුහුණ පා තිබෙන බවත් ඉන් රට ගලවා ගෙන ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් ලබන වසරේ මුල ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි .

මන්ත්‍රීවරයා මහනුවරට පැමිණ ඊයේ (25දා) මල්වතු අස්ගිරි උභය මහා විහාර මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .

“මේ අවස්ථාවේ කළ යුත්තේ පොදු අපේක්ෂකයන් ගැන කතා කිරීම නොව පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා වන පොදු වැඩපිළිවෙළක් සකස් කර ගැනීමයි . ණය උගුලෙන් ගැලවී පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්නේ කෙසේද යන්න පිළිබඳ පොදු වැඩපිළිවෙළක් ජනවාරි මස රටට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න දැන් ප්‍රමාද වැඩියි . ආර්ථික අර්බුදය ආණ්ඩුව පෙන්වනවාට වඩා ඉහළයි . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් ඒ අය මූල්‍ය උපදේශකයින් පත් කිරීම තමයි කරන්නේ . අපට ණය ලබාදී තිබෙන රටවල් හා ආයතන සමඟ සාකච්ඡා ආරම්භ කරලා ණය නැවත ප්‍රතිව්‍යුහගත කරන්න ඔවුන් පියවර ගන්නවා . එසේ වුවහොත් අපි රටක් ලෙස බංකොලොත් බව පිළිගන්න සිදුවෙන අතර එය තහවුරු වීමක් ද සිද්ධ වෙනවා . රටක් බංකොලොත් වුවහොත් දශක ගණනාවක් යන තුරු එම තත්ත්වයෙන් රට ගලවා ගන්න බැහැ .

ගල් අඟුරු තෙල් ගේන්න ගියහම රජය බැංකුවට වලට මෙන්ම පෞද්ගලික බැංකු වල ණයවර ලිපි වලට ජාත්‍යන්තර පිළිගැනීමක් නැහැ . මහ බැංකුව සුරංගනා කතා කිව්වට ලෝකය දන්නවා ලංකාව පත්ව තිබෙන තත්වය .

ව්‍යවස්තාවේ 148 වගන්තිය අනුව මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි . දැන් ඇතිවෙලා තිබෙන්නේ මූල්‍ය අර්බුදයත් නිසා පක්ෂ නායකයන්ට තිබෙන ගැතිකම් වලින් ඔබ්බට ගිහින් කටයුතු කිරීමේ වගකීම ආණ්ඩුවේ වගේම සෑම පක්ෂයකම මහජන නියෝජිතයන්ට තිබෙනවා .

රාජ්‍ය දේපොළ අපහරණය කරනවා නම් ඇමතිවරු පමණක් නොව නිලධාරිනුත් වගකියන්න ඕන . කෘෂිකර්ම ලේකම් මොනවත් කිව්වේ නැහැ . නැනෝ යුරියා නයිට්‍රිජන් ලීටරයක් ඩොලර් 06 එක ගෙන්නුවේ 25 ට කිව්වට පස්සේ ඒක 20 කළා . සමාජ මාධ්‍ය වල එක කමෙන්ට් එකක් දැම්මම කඩාගෙන පනින රහස් පොලිසියට අද වනතුරුත් බැරි වුණා මේ දැවැන්ත ඩොලර් වංචාව කරපු සමාගම ගෙනත් ප්‍රකාශයක් ලබා ගන්න . ඒ තත්ත්වයට අද රටේ නීතිය පත්වෙලා . මෙවැනි මහා පරිමාණ වංචා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන දිනය වැඩිඈතක නෑ”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26