පේරාදෙණිය රෝහලේ දී ජීවිතය හැරගිය චමෝදී සන්දීපනීගේ අවසන් කටයුතු අද

උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ පසු ජීවිතක්ෂයට පත් වූ 21 හැවිරිදි චමෝදී සන්දීපනී නැමැති තරුණියගේ අවසන් කටයුතු අද (14) දින සිදු කිරීමට නියමිතයි.

මහනුවර, පොත්තපිටිය, අලගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි මෙම තරුණිය පසුගිය සඳුදා කැටපිටිය ප්‍රාථමික රෝහලට ඇතුළත් කරන්නේ උදරාබාධයක් හේතුවෙන්.

අනතුරුව මෙම තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට පසුගිය 11 වනදා ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඇය හදිසි ප්‍රතිකාර ඒකකයෙන් 07 වාට්ටුවට මාරු කිරීමෙන් අනතුරුව හෙදියක් විසින් ඇයට එන්නත් දෙකක් ලබා දීමට කටයුතු කර ඇති බව සඳහන්.

එත් සමඟ ඇය අවාසනාවන්ත ලෙස රෝහල තුළ දී අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් සමු ගත්තා.

චමෝදී සන්දීපනීගේ මෙම අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් ඇයගේ පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ ඇයට රෝහල තුළ දී ලැබුණු ප්‍රතිකාර ඇයගේ මෙම අවාසනාවන්ත මරණයට හේතු වූ බවයි.

ඇයට ලබාදුන් බව කියන එන්නත් දෙක ඊට ප්‍රධාන හේතුවක් වූ බවට ඔවුන් චෝදනා කරනවා.

චමෝදී සන්දීපනීගේ දේහය පෙරේදා රාත්‍රියේ දී ඇය පදිංචිව සිටි මහනුවර, පොත්තපිටිය, අලගල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට ගෙන එමෙන් පසු මේ දක්වා විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර මෙම තරුණියගේ අවාසනාවන්ත මරණය සිදුව ඇත්තේ ලබාදුන් ඖෂධයකින් නොව අසාත්මිකතාවකින් බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

එමෙන්ම මේ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් හෙට (15) දිනයේ අදාළ රෝහල් වෙත යාමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33