පෙම්වතිය විවාහ ගිවිසගත් බව දැනගත් කායවර්ධන ශිල්පියා සියදිවි නසාගෙන

සිය පෙම්වතිය වෙනත් තරුණයෙකු සමඟ විවාහ ගිවිසගත් බව දැනගත් කායවර්ධන ශිල්පියෙකු සියදිවි හානිකරගත් පුවතක් ඉන්දියාවේ බැංගලෝරයෙන් වාර්තා වනවා.

වෘත්තියෙන් කායවර්ධන ශිල්පිනියක් සහ ව්‍යායාම පුහුණුකරුවෙකු වන 26 හැවිරිදි කිරන් ඊයේ (07) සිය නිවසේ දී සියදිවි හානිකරගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තම මරණයටට පෙම්වතිය සහ ඇයගේ මව වගකිව යුතු බව පවසමින් සටහනක් ද තබා කිරින් ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වසර තුනකට ආසන්න කාලයක් කිරන් සිට පෙම්වතිය සමඟ ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර, පෙම්වතිය ඇගේ විවාහ ගිවිස ගැනීම පිළිබඳව ඔහුට දැනුම් දී ඇගේ විවාහ ආරාධනා පත්‍රය පෙන්වීමෙන් පාඩු ඔහු දැඩි ලෙස කන්සල්ලට පත්ව තිබෙනවා.

සති දෙකක පමණ කාලයක් ඔහු දැඩි ලෙස පීඩාවට පත්ව සිටි බවට පවුලේ ඥාතීන් පවසන අතර, එම දැඩි මානසික පීඩනයත් සමඟ ඊයේ (07) ඔහු මෙම දරුණු තීරණය ගෙන ඇති බව සඳහන්.

කිරාන් විසින් පෙම්වතිය විවාහ කර ගැනීමේ අරමුණින් ඇයව තමන් වෙත හඳුන්වා දුන් බව ද පවුලේ ඥාතීන් පවසනවා.

කෙසේ වෙතත් ඊයේ නිවසේ තම කාමරයට ගොස් ඇති ඔහුගෙන් දිගු වේලාවක් යනතෙක් කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් පවුලේ සාමාජිකයින් කාමරයේ දොර කඩා බැලීමේ දී ඔහු එහි ගෙළ වැළලාගෙන මිය ගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

මේ අතර මෙම මරණය පිළිබඳව පවුලේ අය විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් මත, මහාලක්ෂ්මි පොලිසිය නඩුවක් ලියාපදිංචි කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
13
+1
10
+1
4
+1
86
+1
6
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00