Fly high Get bonus Aviator Phone

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අදින් ඇරඹෙයි

2025 පළාත් පාලන ආයතන තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) සිට ආරම්භ වී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, අද දිනයේ සිට හෙට (25), අනිද්දා (26) සහ අප්‍රේල් 28 සහ 29 යන දින තුනේ ද තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවනු ඇති බවයි.

රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට මෙම දින හතර තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවනවා.

‍මෙවර තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අයදුම්කරුන් 648,495 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

කෙසේවෙතත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබා දී ඇති කාලය යළි දීර්ඝ නොකරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

මේ අතර සිරි දළදා වන්දානවේ රාජකාරී කටයුතුවල නිරත පොලිස් නිලධාරීන් හට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විශේෂ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?