පිරිමි සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400*4 පිරිමි සහාය දිවීමේ තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පබසර නිකු සහ රජිත රාජකරුණා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගයට සහභාගී වුණා.