පිරිමි දරුවෙකුගේ නිරුවත් වීඩීයෝ සහ ඡායාරූප නිෂ්පාදනය කළ අයෙක් අත්අඩංගුවට

පිරිමි ළමුන් සම්බන්ධව අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍යය ජාල හරහා ලබාගනිමින් සහ ශ්‍රී ලාංකීක පිරිමි ළමයෙකුගේ අසභ්‍ය දර්ශන නිෂ්පාදනය කරන ලද සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 20 වනදා ආණමඩුව ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු ආඬිගම, ආණමඩුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි, ජංගම දුරකථන අළුත්වැඩියා කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු 2022 වසරේ සිට අන්තර්ජාලය ඔස්සේ විදේශීය ළමුන්ගේ ලිංගික ක්‍රියාකාරකම් අඩංගු අසභ්‍ය වීඩියෝ දර්ශන සහ ඡායාරූප එක් රැස් කරගනිමින් ඒවා නරඹා ඇති බවත්, ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 13 ළමයෙකුගේ නිරුවත් වීඩීයෝ සහ අදාළ ඡායාරූප නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා.

අදාළ සැකකරු සම්බන්ධයෙන් අතුරුදහන් වූ සහ සූරා කෑමට ලක් වූ ළමුන් සඳහා වන ඇමරිකා රජයේ ජාතික මධ්‍යස්ථානය මඟින් (NCMEC) යොමු කර ඇති වාර්තාවක් අනුවයි ළමා හා කාන්තා අපයෝජනය නිවාරණ කාර්යාංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54
Video thumbnail
පොලිසියේ සැමට අවදානම් දීමනාවක් දෙනවා - බැඳෙනකොටත්,බඳිනකොටත්, විශ්‍රාම යනකොටත් කොස්තාපල්
03:03
Video thumbnail
අපරාධවලට උත්තේජයක් වෙන්නේ නිසි කාලයේ දඬුවම් නොදීම - වේගවත්ව ඔවුන්ට දඬුවම් දෙන්න ඕනි
07:08
Video thumbnail
පොලිස් නිලධාරින්ට ජනපති දුන් දැඩි අවවාදය - මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් වෙන්න..නිල ඇඳුම අතහරින්න
09:33
Video thumbnail
කඩවත පොලිසියට SPA සංගම්වලින් දැඩි චෝදනා - මසාජ් එකක් කියන්නේ ඇඟට හොඳ දෙයක්
11:55
Video thumbnail
ජනපති අනුර අන්කල්ගෙන් චූටි දූට ලැබුණු ආදරණීය උම්මා එක..
00:08