පියාගේ මිටි පහරින් වැඩිමහල් පුතු මරු දකී

බීමතින් පැමිණ නිවසේ කලහකාරී ලෙස හැසිරුනු සිය වැඩිමහල් පුත්‍රයාගේ හිසට මිටියකින් පහර දී ඔහු මරණයට පත් කළ 60 හැවිරිදි පියෙකු වෙල්ගාල – නෙල්ලිය ප්‍රදේශයෙදී ඊයේ (18) රාත්‍රීයේ දී අත්අඩංගුවට ගත් බව කුඹුක්ගැටේ පොලිසිය පවසනවා.

ඊයේ (18) රාත්‍රීයේ වූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ, කුඹුක්ගැටේ පොලිස් වසමට අයත් වෙල්ගාල, නෙල්ලිය ලිපිනයේ පදිංචිව සිටි 30 හැවිරිදි තරුණයෙකි.

මෙලෙස මියගොස් ඇති තැනැත්තා ඊයේ රාත්‍රීයේ සිය බාල සොහොයුරු සමඟ එක්ව නිවස තුළ මත්පැන්සාදයක් පවත්වා ඇති අතර එහිදී ඔවුන් උස් හඩින් සංගීතය රස විදීමින් කෑකෝ ගැසීම නිසා ඊට උරණවූ සැකකරු එය නවතා දමන ලෙස මරණ කරුගෙන් ඉල්ලීමක් කළ ද එහෙත් මරණකරු ඊට අවනත නොවී දිගින් දිගටම සාදය පවත්වා ඔහුට අවැසි මොහොතක සාදය අවසන් කොට නින්දට ගිය විට මෙම පහරදීම සිදුව තිබෙන බවට තොරතුරු වාර්තා වන බව කුඹුක්ගැටේ පොලීසිය කියයි.

සැකකරු පොලිස් අත්අඩංගුවට ගන්නා මොහොත දක්වාම ඔහු විසින් සිය පුත්‍රායාට පහරදීමට යොදාගත් මිටිය ද ඉවත් නොකර සිය අතෙහි රදවාගෙන සිටි බව ද පොලිසිය පවසනවා.

60 හැවිරිදි වියෙහි පසුවන සැකකරු දරුවන් සිව් දෙනකුගේ පියෙක්.

සැකකරු කලකට පෙර යුද හමුදාවේ සේවය කොට මේවන විට ඉන් ඉවත්ව ඇති තැනැත්තෙකු බව ද පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇති අතර ඔහුගේ බිරිඳ කලකට පෙර විදෙස් ගතව ඇති බවත් මියගොස් සිටින්නේ සැකකරුගේ වැඩිමහල් පුත්‍රයා බවත් සදහන්.

මියගොස් සිටින තැනැත්තා මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූවකු බවත්, එබැවින් අදාල නිවසේ නිතර නිතර අඬදබර සිදුවෙන බවට ද පොලිසියට පැමිණිලි ලැබී තිබූ බව ද සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කටයුතු මෙහෙයවන කුඹුක්ගැටේ පොලිසිය පවසනවා.

ඊයේ මෙම මරණය සිදුව ඇත්තේ ද මෙවැනි සිදුවීමක් දුරදිග යාමෙන් බවට තොරතුරු අනාවරණය වන බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරු පරීක්‍ෂණය පෙබරවාරි මස 29වනදා තෙක් කල්තබා ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අද (19) දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කුඹුක්ගැටේ පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30