පියත් නිකේෂල අත්අඩංගුවට

අද (26) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ ජූලි මස 9 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පියත් නිකේෂල මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.