පැල්වත්ත සීනි සමාගමේ සේවකයන්ට මාස 9කින් EPF ගෙවා නැහැ -සජිත්

පැල්වත්ත සීනි සමාගම මාස 9ක කාලයක් තුළ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවීම් සිදු නොකර ඇති බවත්, මේ වනවිට සම්පූර්ණයෙන්ම ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 324 කට අධික වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, මාස 3ක EPF අධිභාර ගෙවීම සඳහා රුපියල් මිලියන 23ක් වහාම ගෙවීමට සිදුවී ඇති බවය. 2024 අගෝස්තු මාසයේදී ආයතනයේ සේවක වැටුප් සඳහා රුපියල් මිලියන 500ක ණයක් ලංකා බැංකුවෙන් ලබාගත් බවත්, ඒ අමතරව නොවැම්බර් මාසයේදී තවත් රුපියල් මිලියන 1000ක ණයක්ද, අළුත් දිනක තවත් ණයක්ද ලබාගත් බවත් ඔහු සඳහන් කළේය.පැල්වත්ත සීනි සමාගම විසින් මේ වනවිට ගොවීන්ට රුපියල් මිලියන 300ක් සහ සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 400ක් ගෙවිය යුතු බවද විපක්ෂ නායකවරයා පැවසීය.මෙම සමාගම තුළ සේවය කරන සේවකයන් ගණන 3795ක් වන අතර, සමස්තයෙන්ම ගොවීන් 5700ක් පමණගේ ජීවිකාව මෙම ආයතනයට යැපෙන බවද ඔහු පැවසීය.සෙවනගල සීනි සමාගමද රුපියල් මිලියන 205ක් ගොවීන්ට ගෙවිය යුතු අතර, රුපියල් මිලියන 15ක සේවක අර්ථසාධක ගෙවීම්ද සිදු වී නැත. සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 100ක් සහ රජයට වැට් බදු ලෙස රුපියල් මිලියන 400ක් ගෙවිය යුතු බවද ඔහු කීය.

ඔහු මේ බව සඳහන් කළේ පැල්වත්ත සහ සෙවනගල සීනි සමාගම්වල පවතින ආර්ථික අර්බුදය පිළිබඳ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57