පැයට කිලෝමීටර් 30-40ක සුළං එක්ක ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම, නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?